ගලපිටගල විදු එළිය ලබාදෙන
ගුණ නුවණින් සිසු කැළ නහවාලන
විදුහල් මව සැරදේ
අප විදුහල් මව සැරදේ
දෙස බස රැස වඩනා සුරු විරුවන්
මානව හිතවාදි පුරවැසියන්
නිබදේ සිරිලක් මවට තනාදී
විදුහල් මව සැරදේ අප විදුහල් මව සැරදේ
ලකඹර පෑ සොමි පුන්සද විලසේ
සිසු සිප් මල් පුබුදා නිති සහසේ
පතුරවමන් ජය කාහල නාදේ
විදුහල් මව සැරදේ
අප විදුහල් මව සැරදේ